“මෙන්න මිනී මරනවා” යැයි කෑගසද්දී.. යුවළක් හා දෑස් නොපෙනෙන කාන්තාව මහ රෑ පැහැරගෙන බැකෝ යන්ත්‍රයකින් නිවස සමතලා කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
09

“මෙන්න මිනී මරනවා” යැයි කෑගසද්දී.. යුවළක් හා දෑස් නොපෙනෙන කාන්තාව මහ රෑ පැහැරගෙන බැකෝ යන්ත්‍රයකින් නිවස සමතලා කරයි

“මෙන්න මිනී මරනවා” යැයි කෑගසද්දී.. යුවළක් හා දෑස් නොපෙනෙන කාන්තාව මහ රෑ පැහැරගෙන බැකෝ යන්ත්‍රයකින් නිවස සමතලා කරයි

ඉමදුව, පැඟිරිහේන ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි අඹුසැමි යුවළක් හා දෑස් නොපෙනෙන කාන්තාවක් වෑන් රථයක දමාගෙන බලෙන් පැහැරගෙන ගොස් එම නිවස පසුගිය 07 වනදා රාත‍්‍රී 12ට පමණ බැකෝ යන්ත්‍රයක් යොදාගෙන බිමට සමතලා කර ඇති බව ඉමදුව පොලිසිය කියයි.

 

මෙම සිද්ධිය ඉඩම් ආරවුලක් මත ඇති වී ඇති බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

 

දහදෙනෙකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මේ සඳහා පැමිණ ඇති බවට පොලිසිය සැක පලකරයි. සිද්ධිය සිදුවන අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ අඹු සැමි යුවළක් හා එම නිවෙස් හිමි කාන්තාව පමණකි. 

 

කාන්තාවකගේ දෑස් නොපෙනන අතර මොවුන් තිදෙනාව උණවටුණ ප්‍රදේශයට රැගෙන ගොස් ඇතැයි ඔවුහු පවසති.

 

සිදුවීම විස්තර කරමින් නිවසේ සිටි කාන්තාවක් මෙසේ කීවාය.

 

“මගේ ඇස් පෙනෙන්නේ නැහැ. රාත්‍රී 10.00ට විතර අපි ආහාර අරගෙන නින්දට ගියා.

මිස් හා මම කාමරයේ ඇඳක නිදාගත්තා. මගේ මහත්තයා මෙට්ටයක් දාගෙන එළියේ දොරකොඩ නිදාගත්තා.

රාත්‍රී 12.00ට විතර ඇති. දොරට පයින් පාරක් ගැසුවා මෙන්න බුදු අම්මෝ අපිව මරණවා කියා මගේ මහත්තයා කෑගැහුවා.

මගේ ඇස් පෙන්නේ නෑ මාව මරන්න එපා කියලා මම කිව්වා. පස්සේ අපි තුන්දෙනාව වෑන් රථයක දමාගෙන ගියා.

මහත්තයා නම් කිවේ උණවටුණ පැත්තට රැගෙන ගියා කියලයි. ඊට පස්සේ අපි පිලානට රැගෙන ආවා. ඒ සමඟ ජීප් රථයක්ද ආවා.

අපි පිලානේ දමලා වෑන් රථය හා ජීප් රථයෙන් ආපු අය යන්න ගියා. බෑනාට කථාකරගෙන ඇවිත් තමයි ඉමදුව පොලිසියට ගිහින් පැමිණිලි කළේ”

යැයි ඇය කීවාය. 

 

සිද්ධිය පිළිබඳ ඉමදුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.

views

859 Views

Comments

arrow-up