ඉරිදා ශෝක දිනයක් ලෙස ප්‍රකාශ කරයි

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ප්‍රධාන සංඝනායක වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන්ගේ ආදාහන පූජෝත්සවය පැවැත්වෙන හෙට(31) ඉරුදින ජාතික ශෝක දිනයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර තිබේ.
මේ අනුව එදින කොළඹ සහ ගම්පහ යන දිස්ත්‍රික්කයන්වල සියලුම සුරාසැල් වසා දමන බව ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.
මීට අමතරව ගම්පහ සහ කොළඹ දිස්ත්‍රික්කවල මස් මාංශ අලෙවිසැල් සහ සතුන් මරන ස්ථාන සියල්ලද එදින වසා දැමේ.
මෙම යෝජනාව සම්බන්ධව ස්වදේශ කටයුතු අමාත්‍ය චමල් රාජපක්ෂ මහතා විසින් අමාත්‍ය මණ්ඩලයට සංදේශයක් ඉදිරිපත් කිරීමටද නියමිතව ඇත.
889 Views
Comments