වැලිසර රිය අනතුරට සම්බන්ධ තාත්තයි පුතයි රිමාන්ඩ්

16 හැවිරිදි පිරිමි දරුවෙකු විසින් පදවන ලද මෝටර් රථයක් අනතුරට පත් වීමෙන් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්වීම සම්බන්ධයෙන් රථය පැදවූ දරුවා සහ රථයේ හිමිකරු වූ ඔහුගේ පියා එළඹෙන 19 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා.
පොලිස් අත්අඩංගුවට පත් වූ සැකකරුවන් අද වත්තල මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කෙරුණා.
ඊයේ පස්වරුවේ රියදුරු බලපත්‍ර ලබාගැනීමට අවශ්‍ය අවම වයස හෝ සපුරා නොමැති මෙම පිරිමි දරුවා විසින් පැදි සුපෝගබෝගී මෝටර් රථය මාර්ගයෙන් ඉවතට පැන අනෙක් මංතීරුවේ පැමිණි මෝටර් රථයක ගැටී අනතුරට පත් වූ අතර තවත් ත්‍රීරෝද රථයක් සහ යතුරු පැදි දෙකක් ද ඊට මැදිව තිබෙනවා.
සිද්ධියෙන් එක් පුද්ගලයෙකු එම ස්ථානයේම මියගොස් ඇති අතර තවත් පුද්ගලයින් සිව් දෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.
බාලවයස්කාර දරුවෙකුට මෝටර් රථයක් ලබා දීමේ වරදට එම පියා ද මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසු වන්නේය.
1132 Views
Comments