ඇමරිකා තානාපතිනිය ලංකාවෙන් යයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
29

ඇමරිකා තානාපතිනිය ලංකාවෙන් යයි

ඇමරිකා තානාපතිනිය ලංකාවෙන් යයි

සේවය නිමවා සිය රට බලා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකාවේ ඇමරිකානු තානාපතිනි ඇලයිනා බී. ටෙප්ලිට්ස් (Alaina B. Teplitz ) මහත්මිය 28 ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු වූවාය.

 

ඇමරිකාව සහ ශ්‍රී ලංකාව අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීමට ඇලයිනා මහත්මිය දැක්වූ සහය අගය කළ ජනාධිපතිතුමා කොවිඩ් වසංගතය මර්දනය සඳහා එන්නත්කරණය, වෛද්‍ය උපකරණ සැපයීම ඇතුළු ක්‍රියාවලියේ දී ඇමරිකානු රජය මෙරටට දැක්වූ සහාය පිළිබඳව ද කෘතඥතාව පළ කළේය.

 

එන්නත්කරණයේ දී සහ කොවිඩ් මර්දන ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය පිළිබඳ සතුට පළ කළ තානාපතිනිය සිය රාජකාරි පහසු කර ගැනීම සඳහා මෙරටින් ලැබුණු සහයෝගයට ජනාධිපතිතුමාට සහ රජයට ස්තූතිය පළ කළාය .

 

ඇලයිනා බී. ටෙප්ලිට්ස් මහත්මියගේ ඉදිරි කටයුතු වෙනුවෙන් ද ජනාධිපතිතුමා සිය සුභාශීංසන එක් කළේය.

 

ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ඇමරිකානු නියෝජ්‍ය තානාපති මාර්ටින් කෙලී (Martin Kelly ) සහ දේශපාලන සහ ආර්ථික උපදේශක සුසාන් වල්කේ (Susan Walke) යන මහත්ම මහත්මීහු ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

views

771 Views

Comments

arrow-up