ප්‍රබල අකුණු අවධානමක් - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
22

ප්‍රබල අකුණු අවධානමක් - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

ප්‍රබල අකුණු අවධානමක් - කාලගුණයෙන් අනතුරු ඇඟවීම්

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇගවීමේ මධ්‍යස්ථානය විසින් ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

 

ඒ අනුව මධ්‍යම, සබරගමුව, ඌව, උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලත් වව්නියාව, මුලතිව් සහ හම්බන්තොට දිස්ත්‍රික්වලත් තැනින් තැන වැසි සමග ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

 

මේ අතර කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියාසිටියේ දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවයි.

 

මධ්‍යම, සබරගමුව, ඌව, නැගෙනහිර සහ උතුරු මැද පළාත්වල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇතිවීමේ හැකියාවක් ද පවතිනවා.

views

888 Views

Comments

arrow-up