ඉඩමක නිධන් හැරූ 04ක් පොලිස් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

ඉඩමක නිධන් හැරූ 04ක් පොලිස් අත්අඩංගුවට

ඉඩමක නිධන් හැරූ 04ක් පොලිස් අත්අඩංගුවට

ඇල්ල, ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි පුද්ගලයින් සිව්දෙනෙකු සැකපිට  අත්අඩංගුවට ගත් බව ඇල්ල පොලිසිය පවසයි.

 

ඔවුන් සමඟ අලවංගු 02ක්, පිකැස් 01ක්, උදලු‍ 02ක්, බාල්දියක්, පොල්ගෙඩියක් සහ නූල් බෝලයක්ද පොලිස් බාරයට ගෙන තිබේ.   

 

ඇල්ල පොලිසියේ නිලධාරීන්ට ලැබුණු තොරතුරක් අනුව මෙම වැටලීම සිදුකර ඇති අතර ගවරවෙල ප්‍රදේශයේ ඉඩමක නිධන් හාරමින් සිටි බව කියන මොවුන් මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය පැවසීය.

 

මොවුන් ඉඩමේ අඩි 09ක් පමණ ගැඹුරට  පොළොව හාරා තිබුණැයි පොලිසිය පැවසීය.

views

721 Views

Comments

arrow-up