තවත් කොරෝනා මරණ 38ක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
08

තවත් කොරෝනා මරණ 38ක්

තවත් කොරෝනා මරණ 38ක්

මෙරටින් තවත් කොරෝනා මරණ 38ක් වාර්තා වී තිබෙනවා.
 

ඒ අනුව මෙරට සමස්ත මරණ සංඛ්‍යාව දැක්වෙන්නේ 13267ක් ලෙසටයි.
 

මෙම මරණ අතරට කාන්තාවන් 18ක් සහ පිරිමි පුද්ගලයන් 20ක් අයත්.
 

අවුරුදු 30ට අඩු වයස් කාණ්ඩයේ කිසිදු මරණයක් ඊයේ තහවුරු කළ මරණ අතර නැහැ.
 

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා ඊයේ (07) තහවුරු කළ මෙම මරණ අතර වයස අවුරුදු 30ත් 59ත් අතර වයස් කාණ්ඩයේ මරණ 12ක් වනවා.
 

ඒ පිරිමි 5ක් සහ කාන්තාවන් 7ක් වශයෙන්.
 

අවුරුදු 60 සහ ඊට වැඩි වයස් කාණ්ඩයේ කාන්තාවන් 11ක් සහ පිරිමි පුද්ගලයන් 15ක් වශයෙන් මරණ 26ක් සිදුව තිබෙනවා.

views

766 Views

Comments

arrow-up