OCT
01
දිස්ත්‍රික්ක 5කට නාය යෑම් අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ

පවතින දැඩි වර්ෂාපතනයත් සමග දිස්ත්‍රික්ක 5කට නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කටයුතු කර තිබෙනවා.
එම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති ප්‍රදේශ වන්නේ
- ගාල්ල - නෙළුව, බද්දේගම, ඇල්පිටිය
- මහනුවර - හේවාහැට , දොළුව, ගහවට කෝරලය
- කළුතර - පාලින්දනුවර, බුලත්සිංහල, අගලවත්ත, දොඩංගොඩ
- කෑගල්ල - යටියන්තොට, රුවන්වැල්ල, දෙහිඕවිට, දැරණියගල
- රත්නපුර - ඇහැලියගොඩ, අයගම, ඇබිලිපිටිය, රත්නපුර
එමෙන්ම ඉදිරි පැය 24 ඇතුලත උතුර, උතුරුමැද, නැගෙනහිර සහ වයඹ පළාත් වල ඇතැම් ස්ථානවල මිලිමීටර් 150 ඉක්මවූ වර්ෂාපතනයක් බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
990 Views
Comments