ගෑස් රු.1200කින් ඉහලට? ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
01

ගෑස් රු.1200කින් ඉහලට? ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

ගෑස් රු.1200කින් ඉහලට? ලිට්‍රෝ සමාගමෙන් නිවේදනයක්

මිල වැඩි වීමකින් තොරව ගෑස් කැපවීම හේතුවෙන් පසුගිය මාස 9 තුළ ලිට්‍රෝ ගෑස් සමාගම රුපියල් කෝටි 10,500ක පාඩුවක් ලබා ඇති බව ලිට්‍රෝ සුරැකීමේ ජාතික  එකමුතුව පවසනවා.

 

ඔවුන් මෙය මේ බව කියා සිටියේ විශේෂ මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමිනි.

 

ලිට්‍රෝ සමාගම විසින් ලෝක වෙළෙඳ පොළේ ගෑස් මෙට්‍රික් ටොන් එකක් සඳහා ඇමරිකානු ඩොලර්  800ක් ගෙවන අතර එය 12.5Kg වලට පරිවර්තනය කළ විට රුපියල් 2,021කි. නමුත් ලිට්රෝ සමාගම 12.5kg බැහැ සැරයක් අලෙවි කරන්නේ රුපියල් 1,493කටය.

 

පාඩු නොලබා වියදම පමණක් පිරිමසා ගැනීමට නම් අවම වශයෙන් ගෑස් සිලින්ඩරයක මිල රු.2,800ක් විය යුතු බව මෙම නිවේදනයෙහි සඳහන්.

 

 

views

1774 Views

Comments

arrow-up