උතුරු කොරියාව නව ගුවන් යානා නාශක මිසයිලයක් අත්හදා බලයි

ඇමරිකාව සමග සිදුකළ නෂ්ටික අවිහරණ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසුව ගතවූ සතිය තුළ දෙවන වතාවටත් ගුවන් යානා නාශක මිසයිලයක් සාර්ථකව අත්හදා බැලීමට උතුරු කොරියාව සමත්වී තිබෙනවා.
මේ බව එරට රාජ්‍ය මාධ්‍ය වන KCNA පුවත් සේවය නිල වශයෙන් තහවුරු කළා. එමෙන්ම පසුගිය අඟහරුවාදා හයිපර්සොනික් මිසයිලයක්ද උතුරු කොරියාව විසින් සාර්ථකව අත්හදා බලා තිබුණා.
ගෙවුණු සති කිහිපය තුළ ඔවුන් බැලස්ටික් මිසයිල, හයිපසොනික් අවි, කෘස් මිසයිල කිහිපයක්ම අත්හදා බලා තිබුණා. ඇමරිකා එක්සත් ජනපදය සම්බාධක පනවමින් ඔවුන්ගේ න්‍යෂ්ටික හා මිසයිල අත්හදා බැලීම් අඩපණ කිරීමටයි කටයුතු කර තිබුණේ.
කෙසේ නමුත් එම සියලූ උත්සාහයන් අසාර්ථක කරමින් උතුරු කොරියාව මෙය වන විට වේගයෙන් සිය න්‍යෂ්ටික අවි සංඛ්‍යාව වර්ධනය කරමින් පවතිනවා.
උතුරු කොරියානු මාධ්‍ය මේ පිළිබඳව වාර්තා කළද දකුණු කොරියානු රජය පවසන්නේ මේ පිළිබඳව විශ්ලේෂණය කිරීමට තවමත් කාලය ප්‍රමාණවත් නොවන බවයි.
කෙසේ නමුත් මෙම න්‍යෂ්ටික අවිය අත්හදා බැලීමේ කටයුතු සඳහා උතුරු කොරියානු නායක කිම් ජොන් උන් සහභාගී නොවී තිබීම ද විශේෂත්වයක්. මීට පෙර පැවැත්වූ සියලු අත්හදා බැලීම් කටයුතු සඳහා එරට නායකයා සහභාගීවී තිබුණා.
මෙම අත්හදා බැලීම සඳහා උතුරු කොරියානු කම්කරු පක්ෂයේ ප්‍රබල දේශපාලන මණ්ඩල සභික හා මධ්‍යම කාරක සභික පාක් ජොන්ග් චොන් සහභාගි වී තිබුණු බවයි උතුරු කොරියානු මාධ්‍ය වාර්තා කළේ.
1086 Views
Comments