අනාත වූ අසරණ සතුන් රැකබලා ගනිමින් රඹුක්කන නිවසක තනිව ජීවත්වූ ජර්මන් කත අභිරහස් ලෙස මිය යයි

රඹුක්කන, හිරිවඩුන්න, පිටවල නිවසක තනිවම සුරතල් සතුන් ඇති කරමින් ජීවත්වු ජර්මන් ජාතික කාන්තාවක් අභිරහස් ලෙස මියගොස් සිටියදී අද(15) දහවල් සොයා ගැනුණු බව රඹුක්කන පොලිසිය පවයි.
සබීන් මතියි නැමැති ජර්මන් ජාතික 65 හැවිරිදි කාන්තාවක් මෙලෙස මිය ගොස් තිබේ.
ඇය විසින් සටහන් කරන බව කියන ලිපියක්ද එම නිවසේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.
මීට වසර 20 කට පමණ පෙර ශ්‍රී ලංකාවට පැමිණ වත්තල, එඩේරමුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකු සමඟ විවාහවී පසුව දික්කසාද වී ඇති බවට පොලිසිය මෙතෙක් කළ මුලික විමර්ශන කටයුතුවලදී අනාවරණය වී ඇත.
මෙම කාන්තාව දික්කසාදයෙන් පසු රඹුක්කන, පින්නවල ප්‍රදේශයට 2016 නොවැම්බර් මාසයේ පදිංචියට පැමිණ ඇතැයිද වාර්තා වේ.
ඇය මෙම ප්‍රදේශයට පැමිණි දිනයේ සිටම බල්ලන් ඇති කරන අතර එම නිවසේ බල්ලන් 12 දෙනෙක් පමණ සිටි බවත් පොලිසිය පවසයි.
මාර්ගවල සිටින අසනීප වූ බල්ලන් නිවසට රැගෙන පැමිණ ඔවුන්ට ප්‍රතිකාර කර නැවත මුදා හරින බවත් නිවසේ ඇති දැඩි කරන බල්ලන්ට අමතරව ප්‍රදේශයේ බල්ලන්ටද කෑම උයා පිහා දෙන බවත් ජනතාව පැවසූහ.
1151 Views
Comments