ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවූ යාත්‍රා දෙකක් සමඟ ඉන්දියානු ධීවරයින් 23ක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
15

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවූ යාත්‍රා දෙකක් සමඟ ඉන්දියානු ධීවරයින් 23ක් අත්අඩංගුවට

ශ්‍රී ලංකා මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලුවූ යාත්‍රා දෙකක් සමඟ ඉන්දියානු ධීවරයින් 23ක් අත්අඩංගුවට

නාවික හමුදාව විසින් යාපනය පේදුරුතුඩුව හා වෙත්තලකර්නි ප්‍රදේශයට නැගෙනහිරින් ශී‍්‍ර ලංකාවට අයත් මුහුදු ප්‍රදේශයේ සිදුකළ විශේෂ මෙහෙයුමකදී මෙරට මුහුදු සීමාවට අනවසරයෙන් ඇතුලු ව ධීවර කටයුතුවල නිරතවු ඉන්දියානු ට්‍රෝලර් යාත්‍රා දෙකක් සමඟ ඉන්දියානු ධීවරයින් 23 දෙනෙක් නාවික හමුදා භාරයට ගෙන ඇත.

 

එම අවස්ථාවේ ධීවර යාත්‍රාව තුළ තිබි නීති විරෝධී ධීවර ආම්පන්න තොගයක් සහ මසුන් තොගයක්ද නාවික හමුදා භාරයට ගෙන තිබේ. 

 

මෙරට මුහුදු සීමාව උල්ලංඝනය කර විදේශීය ධීවරයින් විසින් අනවසරයෙන් සිදු කරනු ලබන ධීවර කටයුතු නැවැත්වීමේ අරමුණින් නාවික හමුදාව නිරන්තරයෙන් සිදුකරනු ලබන මුර සංචාරවල ප‍්‍රතිඵලයක් ලෙස මෙම ඉන්දියානු ධීවරයින් හා යාත්‍රා අත්අඩංගුවට ගෙන තිබේ. 

views

723 Views

Comments

arrow-up