නව අයවැයෙන් මැති ඇමති තටු කැපේ - රාජය සේවයේ විශ්‍රාම යැමේ වයසත් වෙනස් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

නව අයවැයෙන් මැති ඇමති තටු කැපේ - රාජය සේවයේ විශ්‍රාම යැමේ වයසත් වෙනස් කෙරේ

නව අයවැයෙන් මැති ඇමති තටු කැපේ - රාජය සේවයේ විශ්‍රාම යැමේ වයසත් වෙනස් කෙරේ

2022 වසර සඳහා වන අයවැය දෙවන වර කියවීම අද මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා විසින් සිදු කරනු ලැබුවා.

 

ඒ අනුව මෙම නව අයවැය හරහා මැති ඇමතිවරුන්ට ලබා දෙන ඉන්ධන දීමනාව ලීටර 5කින් කපා දමා ඇති අතර මින්පසු මන්ත්‍රීවරයෙකු විශ්‍රාම වැටුප ලබා ගැනීම සඳහා වසර 5ක්ව තිබූ අනිවාර්ය සේවා කාලය වසර 10 දක්වා දීර්ඝ කර තිබෙනවා.

 

තවද රාජ්‍ය නිලධාරීන්ගේ දුරකතන දීමනාවන්ද 24%කින් කපා හැරීමට යෝජනා කර තිබෙනවා.

 

මීට අමතරව මේ වන විට ඉදිකෙරෙමින් පවතින කාර්යාල ගොඩනැගිලි හැර නව ගොඩනැගිලි ඉදි කිරීම වසර 2කට අත්හිටුවා තිබෙනවා.



නව අයවැය හරහා රාජ්‍ය සේවයේ විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 65 දක්වා දීර්ඝ කර ඇති අතර විශ්‍රාම වැටුප් නොලබන ජේෂ්ඨ පුද්ගලයින් සදහා දායක විශ්‍රාම වැටුපක්ද යෝජනා කර තිබෙනවා.

 

පාසල් 10,000කට fiber optic තාක්ෂණය ලබා දීමටද යෝජනා කර තිබෙනවා.

 

නව ව්‍යාපාර ආරම්භ කිරීමේදී අය කෙරුණු ලියාපදිංචි ගාස්තුව වසරක් සඳහා අයකර ගැනීම නවතා තිබෙනවා.

 

රට තුල පවතින ත්‍රී රෝද රථ නියාමනය සඳහා විශේෂ ත්‍රී රෝද රථ නියාමන ආයතනයක් පත් කිරීමට යෝජනා කෙරේ.

views

2788 Views

Comments

arrow-up