ගමන් බෑගයෙන් හමුවූ කාන්තාවගේ සියලු තොරතුරු එළියට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
05

ගමන් බෑගයෙන් හමුවූ කාන්තාවගේ සියලු තොරතුරු එළියට

ගමන් බෑගයෙන් හමුවූ කාන්තාවගේ සියලු තොරතුරු එළියට

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ආසන්නයේ කුණු ගොඩක තිබි සොයාගත් ගමන් බෑගයේ තිබූ කාන්තා මල සිරුරට අදාළ කාන්තාවගේ සියලු තොරතුරු මේ වන විට පොලිසිය විසින් අනාවරණය කරගෙන තිබෙනවා.

 

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාලිගාවත්ත මහල් සංකීරණයේ පදිංචිව සිටි මොහොමඩ් ෆාතිමා නැමැති දෙදරු මවක්.

 

ඇයගේ ස්වාමියා සහ දරු දෙදෙනා විසින් ඇයගේ මෘත ශරීරය හඳුනාගෙන ඇති අතර මෙම ඝාතනය සම්බන්ධයෙන් සැක කරන දෙදෙනෙකු මේ වන විට අදාළ නිවසෙන් පලා ගොස් ඇති බවයි පොලීසිය සඳහන් කරයි.

 

ඇයව ඝාතනය කළේ කෙලෙසදැයි යන්න සොයාබැලීමේ විද්‍යාත්මක පරීක්ෂණය, නැතිනම් පශ්චාත් මරණ පරීක්ෂණය හෙට ගෙන රාගම රෝහලේ දී සිදු කෙරෙන බවයි පොලිස් ප්‍රකාශකයෙකු අප වෙබ් අඩවියට සඳහන් කළේය.

 

එම පශ්චාත් මරණ පරීක්ෂණයෙන් අනතුරුව මෙම ඝාතනය සිදු වූ අන්දම විද්‍යානුකූලව හෙළිදරව් කරගත හැකි අතර ඇයව නැඟලා ඒ මට අදාළව ප්‍රදේශයෙහි සිසි ටිවි දර්ශන මේ වන විට පොලිසිය විසින් පරික්ෂා කරමින් සිටිමි.

 

ඇයව ඝාතනය කිරීමට අදාළව හේතුව මෙතෙක් නිශ්චිත වශයෙන් අනාවරණය වී නොමැති බවයි පොලීසිය සඳහන් කරන්නේ.

 

ඇයගේ ජායාරූපය

 

 

views

51183 Views

Comments

arrow-up