තෙල් පිරිපහදුව වසා දැම්මත් සේවක වැටුප් සඳහා ලක්ෂ 1000ක්

බොර තෙල් හිඟතාවය හේතුවෙන් වසා දමා ඇති සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ සේවකයින් මේ දිනවල කිසිදු රාජකාරියක් නොමැතිව නිකරුණේ කාලය ගත කරන බව වාර්තා වේ.
කිසිඳු රාජකාරියක් සිදු නොවුනද සේවකයින් සඳහා මාසිකව රුපියල් ලක්ෂ 1000ක් පමණ රජය වැය කරන බව ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල මහතා සඳහන් කරනවා.
බොරතෙල් ආනයනය කරයි නම් මෙරට භාවිතයට අවශ්‍ය දැවිතෙල්, ගුවන්යානා තෙල් සහ භූමිතෙල් ආදිය මෙම පිරිපහදුව හරහා ලබා ගත හැකි බවයි රන්වල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.
සපුගස්කන්ද තෙල් පිරිපහදුව වසා දමා ඇති හෙයින් එම ඉන්ධන ද ඩොලර් ගෙවා මෙරටට රැගෙන ඒමට සිදුව තිබෙනවා.
889 Views
Comments