අංගොඩ නිවසකට පැන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්දියට අදාළව කාන්තාවන් දෙකක් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
12

අංගොඩ නිවසකට පැන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්දියට අදාළව කාන්තාවන් දෙකක් අත්අඩංගුවට

අංගොඩ නිවසකට පැන පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්දියට අදාළව කාන්තාවන් දෙකක් අත්අඩංගුවට

පසුගිය 26 වැනි දින අංගොඩ, මීගහවත්ත ප්‍රදේශයේ නිවසකට පැන වෙඩි තබා අංගොඩ ලොක්කාගේ සමීපතමයෙකු බව කියන පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව  කාන්තාවන් දෙදෙනෙකු හම්බන්තොට බඳගිරිය ප්‍රදේශයේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගෙන තිබේ.

 

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාරියන් දෙදෙනා ඝාතනය සිදුකල වෙඩික්කරු වශයෙන් හඳුනාගෙන සිටි සැකකරුගේ බිරිඳ සහ මව වන බව පොලිසිය පවසයි.

 

මුල්ලේරියාව සහ බොරැල්ල ප්‍රදේශවල පදිංචි මොවුන් සිද්ධියෙන් පසු පලාගොස් හම්බන්තොට නිවසක සැඟව සිටින බවට පොලිසියට ලද තොරතුරු මත මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

views

709 Views

Comments

arrow-up