අය වැය කියවීමේදී වරින් වර ලෙඩ වූ මුදල් ඇමති - එක් අවස්ථාවක ප්‍රථමාධාරත් ගනී

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ මංගල අයවැය වන 2022 වසර සදහා වන අයවැය යෝජනා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටින අවස්ථාවේදී අමාත්‍යවරයා යම් අසනීප තත්ත්වයකට පත් වුණා.
මේ හේතුවෙන් ඔහු වරෙක කතානායකවරයාගෙන් අවසරය මත පාර්ලිමේන්තුවේ අසුන් ගනිමින් අයවැය කතාව ඉදිරිපත් කළා.
කෙසේ වෙතත් ඔහු දිගින් දිගටම අපහසුතාවයෙන් සිටින බැවින් වරෙක බැසිල් රාජපක්ෂ මහතා අසල සිටින ප්‍රවාහන අමාත්‍යවරිය වන පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය ඔහුගෙන් විමසා සිටියේ “ප්ලේන්ටියක් ගෙනත් දෙන්නද?” යනුවෙනුයි.
කෙසේ වෙතත් එය ප්‍රතික්ෂේප කළ බැසිල් රාජපක්ෂ මහතා ඔහු සතුව තිබූ ඖෂධ කිහිපයක් එම අවස්ථාවේදී පානය කළා.
පසුව කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා තීරණය කළේ අයවැය යෝජනා ඉදිරිපත් කිරීම විනාඩි කිහිපයකට කල් තැබීමටයි.
නමුත් මේ වන විට අයවැය යෝජනා යළි ඉදිරිපත් කිරීම නැවත අරඹා ඇත.
962 Views
Comments