මහාධිකරණය පොලිස්පතිට සිතාසි නිකුත් කෙරේ
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

මහාධිකරණය පොලිස්පතිට සිතාසි නිකුත් කෙරේ

මහාධිකරණය පොලිස්පතිට සිතාසි නිකුත් කෙරේ

තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම සම්බන්ධයෙන් වන චෝදනා පිළිබදව හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර මහතාට එරෙහි නඩුවට සාක්ෂි දීම සඳහා වර්තමාන පොලිස්පති සී ඩී වික්‍රමරත්න මහතාට මහාධිකරණය විසින් සිතාසි නිකුත් කර තිබෙනවා.

 

ඒ අද එම නඩුව කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදීයි.

 

පැමිණිලි පාර්ශවය වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දිලීප පිරිස් මහතා නඩුවේ සාක්ෂි කරුවකු වන වර්තමාන පොලිස්පතිවරයා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස සිතාසි නිකුත් කරන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙලෙස සිතාසි නිකුත් කෙරුනා.

views

837 Views

Comments

arrow-up