වික්ටෝරියා ජලාශයට මෝටර් රථය පෙරළීම රඟපෑමක්?
විදේශගත ඔබට
Latest_News
calendar
DEC
03

වික්ටෝරියා ජලාශයට මෝටර් රථය පෙරළීම රඟපෑමක්?

වික්ටෝරියා ජලාශයට මෝටර් රථය පෙරළීම රඟපෑමක්?

පසුගිය දිනක මෝටර් රථය සමඟ වික්ටෝරියා ජලාශයට පෙරළී මියගිය තරුණයාගේ මරණය සැක සහිත බව ඔහුගේ මව පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇතැයි මහනුවර කොට්ඨාස විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.

 

පසුගිය මස 27 වැනිදා රාත්‍රියේ ගුරුදෙනිය ඉලු‍ක්මෝදර ප්‍රදේශයේදී වික්ටෝරියා ජලාශයට එම මෝටර් රථය පෙරළී තිබුණි.

 

එම අවස්ථාවේදි මෝටර් රථයේ ගමන් කළ තිදෙනෙකු අතරින් දෙදෙනෙක් දිවි බේරා ගෙන තිබු අතර එක් තරුණයෙකු මෝටර් රථය සමඟ දියේ ගිලු‍ණු අතර පැය 12ක පමණ මෙහෙයුමකින් අනතුරුව ඔහුගේ සිරුර සොයා ගැනුණි.

 

එම අනතුරින් මිය ගියේ ගුරුදෙනිය ඉලු‍ක්මෝදර ප්‍රදේශයේ පදිංචිව සිටි අමිල ඒකනායක නැමැති 30 හැවිරිදි තරුණයෙකි.

 

මේ සම්බන්ධයෙන් මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සී. ජේ. රත්නායක මහතා කියා සිටියේ මියගිය අයගේ මවගේ පැමිණිල්ලට අනුව කොට්ඨාශ අපරාධ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කොට ඇති බවයි.

views

1072 Views

Comments

arrow-up