DEC
03
වෙරළහි තිබූ කැපුම් තුවාල සහිත නාඳුනන මළ සිරුර

බේරුවල පොලිස් ස්ථානයට නුදුරින් වෙරළෙහි තිබී නාඳුනන පුද්ගලයෙකුගේ මළ සිරුරක් අද(3) උදෑසන හමුවූ බව බේරුවල පොලිසිය පවසයි.
ගෙලෙහි කැපුම් තුවාලයක් සහිතව තිබූ එම මළ සිරුර අසන්නයේ බුලත් කොලයක් මත දෙහි ගෙඩි කිහිපයක්ද තිබෙනු නිරීක්ෂණය වූ බවද පොලිස් ස්ථානාධිපති ලලිත් පත්මකුමාර මහතා සඳහන් කළේය.
මෙම මළ සිරුර පිළිබඳ පොලිස් අපරාධ ස්ථාන නිලධාරීන් සහ මහේස්ත්‍රාත් පරීක්ෂණ සිදුකිරීමට නියමිතව තිබේ.
832 Views
Comments