හිරවෙලා නම් මට කියන්න, මට පුළුවන් එළියට අරන් දෙන්න - කබ්රාල් වෙළඳ ඇමතිට කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

හිරවෙලා නම් මට කියන්න, මට පුළුවන් එළියට අරන් දෙන්න - කබ්රාල් වෙළඳ ඇමතිට කියයි

හිරවෙලා නම් මට කියන්න, මට පුළුවන් එළියට අරන් දෙන්න  - කබ්රාල් වෙළඳ ඇමතිට කියයි

ඩොලර් හිඟය හේතුවෙන් මෙරටට ගෙන්වන කිසිදු කන්ටේනරයක් සිර වීමකින් තොරව නිදහස් කරගැනීමට අවශ්‍ය පරිදි කටයුතු කිරීමට මහ බැංකුව සූදානම් බව මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා පවසනවා.

 

ඔහු මේ බව කියා සිටියේ අද පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

 

මෙරටට ආනයනය කළ කන්ටේනර් කිහිපයක් වරාය තුළ සිර වී ඇති බවට වන පුවත් කිහිපයක් තමා දුටු බවත් ඒ පිළිබඳව වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ද විමසීමක් කළ බවත් මහ බැංකු අධිපතිවරයා මෙහිදී කියා සිටියා.

 

ඩොලර් හිඟය හේතුවෙන් මෙසේ කන්ටේනර් වරායේ සිර වී ඇති නම්, ඒ බව වහා ම මහ බැංකුවට දැනුම් දෙන ලෙසට යි මහ බැංකු අධිපතිවරයා වෙළෙඳ අමාත්‍ය බන්ධුල ගුණවර්ධනට දන්වා තිබෙන්නේ.

 

කිසිදු අයුරකින් එලෙස කන්ටේනර සිරවීම ගේදොර නිදහස් කිරීමට මහ බැංකුව වගබලා ගන්නා බව ඔහු සඳහන් කළා.

views

795 Views

Comments

arrow-up