පොලිසියට පැමිණිල්ලක් දැමුවැයි උරණව කාන්තාවකට පොල්ලකින් පහරදීලා - සැකකරු රිමාන්ඩ්
විදේශගත ඔබට
Latest_News
calendar
NOV
26

පොලිසියට පැමිණිල්ලක් දැමුවැයි උරණව කාන්තාවකට පොල්ලකින් පහරදීලා - සැකකරු රිමාන්ඩ්

පොලිසියට පැමිණිල්ලක් දැමුවැයි උරණව කාන්තාවකට පොල්ලකින් පහරදීලා - සැකකරු රිමාන්ඩ්

පොලිසියට කළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් උරණව කාන්තාවකට පොල්ලකින් පහරදීමෙන් තුවාල සිදුකළ පුද්ගලයෙකු රිමාන්ඩ් භාරයේ තබන ලෙස ගම්පහ මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

 

මෙලෙස රිමාන්ඩ් භාරයේ තබන ලද්දේ කොටුගොඩ, ලෝතිලංගමුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සැකකරු පැමිණිලිකාරියගේ නිවස අසල පදිංචිකරුවෙක් වන අතර ඔහුගෙන් නිතරම සිදුවන හිරිහැර සම්බන්ධයෙන් පැමිණිලිකාරිය ගම්පහ පොලිසියට පැමිණිලි කර තිබිණි.

 

එම පැමිණිල්ල විභාග කිරීමට පොලිස් නිලධාරීන් සැකකරුගේ නිවසට යෑම සම්බන්ධයෙන් උරණව ඇති සැකකරු පැමිණිලිකාරිය වෙළෙඳසැලකට ගොස් ආපසු නිවස වෙත යමින් සිටියදී “තෝව අල්ලගන්න තමයි හිටියේ, උඹ අපේ ගෙදරට බොරුවට පොලිසිය එවනවා” යැයි පවසමින් වැටක තිබූ පොල්ලක් කඩාගෙන පහරදී ඇතැයි පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

views

714 Views

Comments

arrow-up