OCT
24
පොළොව දෙදරා බද්දේගම නිවසක මිදුලට අහසින් වැටුණු අභිරහස් පාෂාණය ගැන පරික්‍ෂණ

බද්දේගම කූරගොඩ නිවසක මිදුලට මින් පෙර කිසිවෙක් දැක නැති අහසින් කඩා වැටුණු අභිරහස් පාෂාණ කොටස් විශේෂ පරීක්ෂණයක් සඳහා මේ වනවිට රැගෙන ගොස් ඇත.
පෙරේදා(21) රාත්‍රියේ නිවස සහ අවට පොළොව දෙදරවා දැවැන්ත ශබ්දයක් සහ කම්පනයක් ඇතිකරමින් අහසින් කඩාවැටුණු මෙම අද්භූත පාෂාණ කොටස සම්බන්ධව ඒ අවස්ථාවේ දීම නිවැසියන් පොලිස් ස්ථානයට දැනුම්දී තිබේ.
සුදු පැහැති පාන් පිටි වලට සමාන කැටගැසී ඇති මෙම පාෂාණය සම්බන්ධව මේ වන විටත් කණ්ඩායම් කිහිපයක් පරීක්ෂණ සිදුකරයි.
1007 Views
Comments