උපකාරක පංතිවලට නොවැම්බරයේ සිට අවසර දෙන්න රජයේ අවධානය

උපකාරක පංති යළි ආරම්භ කිරීම සම්බන්ධව ඊයේ(16) දිනයේ විශේෂ සාකච්ඡාවක් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී අද පැවැත්විණි.
එම සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙකු සහ උපකාරක පංති ගුරුවරු පිරිසක් එක්ව සිටියහ.
මේ අතර ලබන 21 වනදා සිසුන් 200ට අඩු පාසල් යළි ආරම්භ කිරීමත් සමඟ විදුහල්පතිවරුන්ගෙන් සහ ගුරුවරුන්ගෙන් බහුතරයක් වර්ජනයෙන් ඉවත් වන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.
දෙමව්පියන් විසින් නැවත ආරම්භ කෙරෙන පාසල් පිරිසිදු කිරීමේ කටයුතු ඊයේ(16) සිදුකෙරිණි.
739 Views
Comments