සැමියා කඩේට යවා ළදැරියගේ ගෙල පොරවකින් කැපූ තරුණ මව පොලිසියට භාරවෙයි

අනුරාධපුර, ශ්රාවස්තිපුර, අළුත්වැව ප්‍රදේශයේ දින පනහක් වයසැති තම කුඩා බිළිඳියගේ ගෙල පොරවකින් කපා ඝාතනය කර නිවසින් බැහැරව ගොස් ගල්නෑව පොලිසියට භාර වු විසි නව හැවිරිදි තරුණ මවක් පොලිස් අත්ඩංගුවට පත්ව තිබේ.
මෙම සැකකාරිය විසින් ටී. එම්. අරුලි ද පුණ්‍යා තෙන්නකෝන් නමැති කුඩා දැරියක් මෙසේ ඝාතනය කොට තිබේ.
පසුගිය දිනෙක දිවා කාලයේ සැකකාරියගේ නැන්දණිය සහ මාමණ්ඩිය විහාරස්ථානයට ගොස් සිටි අවස්ථාවේ සැකකාරිය තම ජංගම දුරකථනයට කාඩ්පතක් රැගෙන එන ලෙසට කියා සිය සැමියා නිවස අසල පිහිටි වෙළෙඳ සැලකට පිටත්කර පසුව ඇය තම දියණියගේ ගෙල පොරවකින් කපා නිවසින් බැහැරව ඇත.
සැමියා වෙළෙඳසැලට ගොස් ආපසු නිවසට පැමිණි අවස්ථාවේ සැකකාර බිරිඳ නිවසේ සිට නොමැති අතර අනතුරුව බිම වැතිරි සිටි තම සිඟිති දියණිය වඩා ගැනීමට සුදානම් වූ විට ඇගේ නාසයෙන් ලේ ගලන බව දැක තිබේ.
ඉන්පසු ඔහු තම දියණිය වඩා ගත් අවස්ථාවේ ඇගේ ගෙල ප‍්‍රදේශයේ කැපුම් තුවාලයද දැක තිබෙන අතර අසල්වාසීන්ගේද සහය ඇතිව දැරිය ප්‍රතිකාර සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගොස් රෝහල් ගත කරනවිටත් ඇය මියගොස් සිට තිබේ.
පසුව දැරියගේ පියා විසින් සිද්ධිය සම්බන්ධව අනුරාධපුර පොලිසිය වෙත පැමිණිලි කොට තිබේ.
ඉන් මඳ වේලාවකට පසු ඇතිවූ මානසික වේදනාවක් හේතු කොට ගෙන සිය දැරියගේ ගෙල කපා ඝාතනය කළ අනුරාධපුර ශ්රාවස්තිපුර අළුත්වැව ප්‍රදේශයේ මව නිවසින් බැහරව බස් රථයකින් පැමිණ තම පොලිස් ස්ථානයට භාරවී සිටින බව ගල්නෑව පොලිසිය මගින් අනුරාධපුර පොලිසිය වෙත දැනුම්දී තිබේ.
ඒ අනුව අනුරාධපුර පොලිස් ස්ථානයේ නිලධාරීන් කණ්ඩායමක් සැකකාරිය සිය භාරයට ගෙන තිබිණි.
10755 Views
Comments