නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයෙකු ඝාතනය කරයි
විදේශගත ඔබට
Latest_News
calendar
OCT
03

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයෙකු ඝාතනය කරයි

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පුද්ගලයෙකු ඝාතනය කරයි

බදුල්ල ලිදමුල්ල ප්‍රදේශයේ නිවසකට බලහත්කාරයෙන් ඇතුළුවූ පිරිසක් එහි සිටි පුද්ගලයෙකුට පහරදී ඝාතනය කර තිබේ.

 

ඊයේ (02) සවස් කාලයේදී මෙම ඝාතනය සිදුව ඇත.

 

පොලීසිය පැවසුවේ නිවසේ සිටි පුද්ගලයාට යකඩ බටයකින් සහ අතින් පයින් පහරදී එලෙස ඝාතනය කර ඇති බවයි.

 

පහර කෑමෙන් දැඩි ලෙස අසාධ්‍ය වූ එම පුද්ගලයා බදුල්ල රෝහලට ඇතුල්කිරීමේදී මිය ගොස් තිබේ.

 

මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ බදුල්ල ලිදමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි 65 හැවිරිදි පුද්ගලයෙක් වන අතර ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවන් තිදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

 

ඔවුන් බදුල්ල ප්‍රදේශයේම පදිංචි අවුරුදු 31, 24 සහ 21 වයස්වල පසුවන්නන්ය.

 

සැකකරුන් අද(03) බදුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

904 Views

Comments

arrow-up