වගා ළිඳට වැටුණු කෙනෙර ගොඩගත් මෙහෙයුම
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
26

වගා ළිඳට වැටුණු කෙනෙර ගොඩගත් මෙහෙයුම

වගා ළිඳට වැටුණු කෙනෙර ගොඩගත් මෙහෙයුම

කරුවලගස්වැව, මීගස්වැව ප්‍රදේශයේ අනාරක්ෂිත වගා ළිඳකට වැටී සිටි කෙනෙරක ගොඩගත් බව වනජීවි අඩවි කාර්යාලය පවසයි.

 

කෙනරව ගොඩගන්නා අවස්ථාවේ කුසගින්නේ දැඩි ලෙස වෙහෙසට පත්ව සිට තිබේ. 

 

ගොඩටගත් පසු එම කෙනෙරට ඇවිදයාමට නොහැකිව වගා ළිඳ ආසන්නයේම වැටුණු බවත්  කරුවලගස්වැව වනජීවී අඩවි ආරක්ෂක කාර්යාලය කියයි.

 

එම කෙනරට ප්‍රතිකාර කිරීම සඳහා නිකවැරටිය වනජීවී පශු වෛද්‍ය ඒකකයේ වෛද්‍යවරයා කැඳවාගෙන ඒමට අවශ්‍ය පියවරගත් ගෙන තිබේ.

 

මෙම කෙනර වගා ළිඳට වැටී සිටින අයුරු අලි ආරක්ෂණ විදුලිවැට නඩත්තුව සඳහා ගිය සිවිල් ආරක්ෂක භටයයෙකු දැක ඒ බව වනජීවී කාර්යාලයට දැනුම්දී තිබේ.

 

පසුව බැකෝ යන්ත්‍රයක් යොදාගෙන ප්‍රදේශවාසීන්ගේ ද සහය ඇතිව පැය ගණනක මෙහෙයුමකින් අනතුරුව කෙනරව වගා ළිදෙන් ගොඩට ගැනීමට වනජීවී නිලධාරීන්ට හැකිවී තිබේ.

views

970 Views

Comments

arrow-up