රජයේ ලියාපදිංචි අපරාධකරුවකු ඇතුළු 4ක් අත්අඩංගුවට

විවිධ අපරාධ රැසකට සම්බන්ධ ලියාපදිංචි අපරාධකරුවෙකු සහ තවත් සැකකරුවන් 3 දෙනකු තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙම සැකකරුවන් රාගම සහ ජුලම්පිටිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබුණි.
ජූලම්පිටිය හංදියේ සැකකටයුතු ලෙස යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු පොලිස් නිලධාරින් විසින් පරීක්ෂා කිරීමේ දී ඔහු සතුව තිබී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 8ක් සොයාගෙන තිබුණා.
සැකකාර පුද්ගලයා ජුලම්පිටිය ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි අයෙකු වූ අතර ඔහු තවත් රන්මාල කොල්ලකෑම සහ ගෙවල් බිඳුම් සිද්ධි රැසකට අවශ්‍ය කරන පුද්ගලයකු බව වැඩිදුර විමර්ශන වලදී අනාවරණය වී තිබේ.
ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී කිරීම් වලදී අනාවරණය වූ කරුණු මත තවත් පුද්ගලයෙකු ඊයේ ගල්පොත්ත යාය හන්දියේ දී අත්අඩංගුවට ගැනුණු අතර ඔහු ද ජුලම්පිටිය ප්‍රදේශයේම පදිංචි 23 හැවිරිදි පුද්ගලයෙකි.
ඔවුන් දෙදෙනා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා වලස්මුල්ල වලක් මුල පොලිසියට භාරදී තිබේ.
මීට අමතරව ගෙවල් බිදීම් සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් රාගම පොලිසිය විසින් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ අත්අඩංගුවට ගැනුනා.
ඉඹුල්ගොඩ සහ ගණේමුල්ල යන ප්‍රදේශ පදිංචි ඔවුන් අවුරුදු 30 සහ 31 යන වියෙහි පසුවනවා.
ඔවුන් අද වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඉදිරිපත් කිරීමට නියමිතයි.
1223 Views
Comments