ජනගහනයෙන් 10%ක් කටුවලට බියෙන් බොරු හේතු කියා එන්නත මඟ හරිනවා - මානසික තත්වයක් ගැන අනාවරණයක්

මේ දිනවල කොවිඩ් වසංගතයට එරෙහිව ජනතාව සීඝ්‍රයෙන් එන්නත්කරණය කරමින් පැවතිය ද එන්නත් කටු වලට ඇති බිය නිසා ජනගහනයෙන් 10%ක් පමණ එන්නත ලබා ගැනීම මග හරිමින් සිටින බව කොළඹ රිඡ්වේ ආර්යා ළමා රෝහලේ විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසනවා.
'එන්නත් කටු බිය' නැතහොත් Needle phobia ලෙස හඳුන්වන මෙම මානසික තත්වය ඇති පුද්ගලයින් එන්නත ලබා ගැනීමේදී අධික වේදනාකාරී තත්ත්වයක් ඇතිවේයැයි බියකින් පසු වෙනවා.
නමුත් වෛද්‍යවරයා පවසන්නේ එන්නත ලබා ගැනීමේදී ඇති වන වේදනාව මදුරුවෙක් කනවා මෙන් ඉතා කුඩා වේදනාවක් බවයි.
කෝවිඩ් මරණ වලක්වා ගැනීම සඳහා දැනට හදුනාගෙන ද එකම ක්‍රමය වන එන්නත ලබාගැනීමට අදි මදි නොකරන ලෙස විශේෂඥ වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
1070 Views
Comments