SEP
19
තිස්සමහාරාමයේ මාරක රිය අනතුරක්,දෙදෙනෙක් මහමඟ මියයි

තිස්සමහාරාම - මුතියම්මාගම ප්‍රදේශයේදී සිදුවූ ත්‍රීරෝද රථ අනතුරකින් දෙදෙනෙකු මිය ගොස් ඇත.
ඊයේ සවස තිස්සමහාරාම බෙරලිහෙළ මාර්ගයේ මුතියම්මාගම ප්‍රදේශයේදී ලොරියක් සහ ත්‍රීරෝද රථයක් එකට එක ගැටී මෙම අනතුර සිදු වී ඇත.
අනතුරෙන් ත්‍රීරෝද රථයේ සිටි දෙදෙනාම මිය ගොස් ඇත.
මියගොස් ඇත්තේ ත්‍රීරෝද රථයේ රියදුරු සහ එහි ගමන් කල 53 හැවරිදි කාන්තාවකි.
මෘත ශරීර දෙබරවැව රෝහලේ තැන්පත් කර ඇති අතර සිද්ධිය සම්බන්ධව ලොරි රථ රියදුරු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
වැඩිදුර විමර්ශන තිස්සමහාරාම පොලීසිය විසින් සිදු කරයි.
856 Views
Comments