ශී ජින් පින් ජෝ බයිඩන්ට හෙලෝ කියයි

ඇමරිකාවේ චීන ප්‍රතිපත්තිය දෙරට අතර වන සබදතා තවදුරටත් අයහපත් කරනු ඇති බවට චීන ජනාධිපති ෂී ජින් පිං ඇමරිකානු ජනාධිපති ජෝ බයිඩන් වෙත ප්‍රකාශ කර ඇත.
චීන ජනාධිපතිවරයා මෙම අදහස් ප්‍රකාශ කර ඇත්තේ ඇමරිකානු ජනාධිපතිවරයා සමග පැවති දුරකතන සංවාදයකදීයි.
චීන රාජ්‍ය මාධ්‍ය වාර්තා කරන පරිදි , රටවල් දෙක එකිනෙකා ගැටීම තුළින් දෙරටේ මෙන්ම සමස්ත ලෝකයේම ජනතාවගේ යහපතට බාධා සිදුවනු ඇති බව ජනාධිපති ෂී ජිං පිං මෙහිදී පවසා ඇත.
රටවල් දෙකම , සහයෝගයෙන් කටයුතු කිරීම හරහා දෙරටට පමණක් නොව සමස්ත ලෝකයටම ප්‍රතිලාභ අත්වන බවයි ඔහු මෙහිදී වැඩිදුරටත් පවසා ඇත්තේ.
මේ අතර මෙම දුරකතන ඇමතුම සම්බන්ධයෙන් ධවල මන්දිරය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෙරට අතර වන තරගකාරීත්වය අර්බුදයක් බවට පත් නොකර ගැනීම සම්බන්ධයෙන් දෙපාර්ශවය සතු වගකීම පිළිබද මෙහිදී සාකච්ඡා කෙරැණු බවයි.
792 Views
Comments