මොහොමඩ් අදීල් ගැන CID පරීක්ෂණයක් අරඹයි
විදේශගත ඔබට
Latest_News
calendar
SEP
05

මොහොමඩ් අදීල් ගැන CID පරීක්ෂණයක් අරඹයි

මොහොමඩ් අදීල් ගැන CID පරීක්ෂණයක් අරඹයි

නවසීලන්තයේ ඕක්ලන්ඩ් නුවර සුපිරි වෙළෙඳසැලක දී සිදුකළ ප්‍රහාරයට සම්බන්ධ ශ්‍රි ලාංකිකයා සම්බන්ධයෙන් මෙරට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ද විශේෂ විමර්ශනයක් ආරම්භකර තිබේ.

 

 

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් පොලිස් මූලස්ථානය සඳහන් කළේ මෙම පුද්ගලයා සමග සමීපව කටයුතු කළ පුද්ගලයින්ගෙන් මේ වනවිට ප්‍රකාශ ලබාගනිමින් සිටින බවයි.

 

 

ඒ අනුව මොහු සම්බන්ධයෙන් මෙරට විමර්ශනක් ආරම්භ කෙරුණු අතර, එහි දී සැකකරු මඩකලපුව කාත්තන්කුඩි ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත්, ඔහු ශිෂ්‍ය වීසා මත නවසීලන්තයට 2011 දී ගොස් ඇති බවටත් තොරතුරු අනාවරණය විය.

views

827 Views

Comments

arrow-up