ජේ.සී.බී. රථයකට යට වී 12 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
29

ජේ.සී.බී. රථයකට යට වී 12 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට

ජේ.සී.බී. රථයකට යට වී 12 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට

පනාමුර කටුවන මාර්ගයේ ගමකන්ද ප්‍රදේශයේදී JCB යන්ත්‍රයක ගැටී  12 හැවිරිදි පිරිමි දරුවකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

 

එම ප්‍රදේශය හරහා ඊයේ සවස් කාලයේ  ගල් පැටවූ ලොරි රථයක් ධාවනය වී ඇති අතර එම රථය කන්දක් ඇති ස්ථානයකදී මෙම JCB යන්ත්‍රය ආධාරයෙන් තල්ලු කිරීමට උත්සාහ කර ඇත.

 

කුඩා පිරිමි දරුවා  ඒ අවස්ථාවේදී ලොරි රථයට නැග ගැනීමට උත්සාහ කිරීමත් සමඟ මෙම අනතුර සිදුව ඇත.

 

ඔහු j.c.b. යන්ත්‍රය ඉදිරිපස රෝදයේ ගැටී බරපතළ තුවාල ලබා රෝහල ගත කිරීමේදී මිය ගොස් තිබේ.

 

මියගිය දරුවා දඩයම්කන්ද ප්‍රදේශයේ පදිංචි අයෙකි.

 

සිද්ධිය සම්බන්ධයෙන් JCB යන්ත්‍රයේ රියදුරා අත්අඩංගුවට ගෙන ඇත.

views

1151 Views

Comments

arrow-up