AUG
22
දික්ඔය රෝහලේ වෛද්‍යවරු හතරක් ඇතුළු කාර්ය මණ්ඩලයේ 20කට කොවිඩ්

හැටන් - දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරු හතර දෙනෙක් ඇතුළු 20 දෙනෙකුට කොරෝනා වෛරසය අසාදනයවී ඇති බව දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරයෙක් පැවසුවේය.
වෛද්‍යවරුන් 04, හෙදියන් 07 ක් හා කණිෂ්ඨ කාර්ය මණ්ඩලයේ 09 දෙනෙකුට මෙසේ වෛරසය අසාදනය වී ඇති අතර එම අසාදිතයන්ගේ ළගම ආශ්‍රිතයන් විශාල පිරිසක්ද ස්වයං නිරෝධානයට ලක්කර තිබේ.
පවත්නා තත්ත්වය හේතුවෙන් රෝහලේ දෛනික කටයුතුවලටද බාධා පැමිණ ඇති බවද එම වෛද්‍යවරයා වැඩි දුරටත් කියා සිටියේය.
836 Views
Comments