කොරෝනා නිසා ලේ කිරිකර දුන් මෑණියන්ව එපා කියූ දියණිය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
15

කොරෝනා නිසා ලේ කිරිකර දුන් මෑණියන්ව එපා කියූ දියණිය

කොරෝනා නිසා ලේ කිරිකර දුන් මෑණියන්ව එපා කියූ දියණිය

කොරෝනා වෛරසය ආසාදනයවී සුවය ලබා සිටින මවක් නිවසට රැගෙන යෑම ඇගේ එකම දියණිය විසින් ප්‍රතික්ෂේප කිරීම නිසා එම මව මිනුවන්ගොඩ රෝහලේ අසරණ වී සිටී.

 

වසරක පමණ කාලයක් ගම්පහ රෝහලේද ඇය නැවතී සිටි බව කඳුළු සළමින් පවසා සිටියාය.

 

ගම්පහ රෝහලේදී කොරෝනා ආසාදනය වීම හේතුවෙන් තමාව මිනුවන්ගොඩ රෝහල වෙත රැගෙන ආ බවත් දැන් සුවය ලබා සිටින තමාව නිවසට රැගෙනයෑම දියණිය විසින් ප්‍රතික්ෂේප කරන බවත් ඇය කීවාය.

 

ධම්මිකා ජයවීර නැමැති 55 හැවිරිදි තලවතුගොඩ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන එම මව වැඩිදුරටත් කියා සිටියේ දියණියගේ දුරකථන අංකයට ඇමතුම් ලබා ගත්තත් සෑම අංකයක්ම ඇය විසින් අවහිර කරන බවයි.

 

“මාව අවුරුද්දක් ගම්පහ ඉස්පිරිතාලේ තියා ගත්තා. මට කොරෝනා කියලා මෙහෙට ගෙනාවා.

මම  ඉස්පිරිතාලේට එනකොට මට කොරෝනා හැදිලා තිබුණේ නෑ. සෙනඟ ගොඩේ ඉඳලා තමයි මට කොරෝනා හැදුණේ.

අනේ දෙයියනේ මට මොකක් හරි පිහිටක් වෙන්න. මගේ දුවගේ නම නිලූෂා නිල්මිණි. මම ගේ හදන්න ලක්ෂ හතර හමාරක් දුන්නා.

දැන් මට ගේත් නෑ සල්ලිත් නෑ. යන්න තැනකුත් නෑ. එදා ඉඳලම ගෙවල්වල නැවතිලා වලං හෝද හෝද හිටියේ.”‍

යනුවෙන් ඇය හැඬූ කඳුළින් පැවසුවාය.

views

1357 Views

Comments

arrow-up