වාහන ආනයනය සම්බන්ධව නවතම අනාවරණය
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

වාහන ආනයනය සම්බන්ධව නවතම අනාවරණය

වාහන ආනයනය සම්බන්ධව නවතම අනාවරණය

රජය විසින් වාහන ආනයනයට පනවා ඇති සීමා ඉවත් කරන කාලවකවානුව නිශ්චිතව කිව නොහැකි බව ශ්‍රී ලංකා වාහන ආනයනයකරුවන්ගේ සංගමය පවසයි.

 

ඩොලර් සංචිත හිඟවීම සහ කොවිඩ් ව්‍යාප්තියත් සමඟ පැන නැගී ඇති ගැටළු ඊට හේතු වී ඇති බවයි එම සංගමයේ සභාපති එස්. කේ. ගමගේ මහතා පැවසුවේ.

 

වාහන ආනයනය සීමා කිරීම ලබන වර්ෂය තුළද ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර ඇති බව අද ජාතික පුවත්පතක් වාර්තාකර තිබුණි.

 

එසේම නොවැම්බර් මස ඉදිරිපත් කිරීමට නියමිතව ඇති අයවැය සකස් කිරීමේ මූලික කටයුතු ද මේ වන විට ආරම්භවී තිබේ. 

 

ඒ අනුව බඳවා ගැනීම් සහ රජයේ ප්‍රාග්ධන හා පුනරාවර්ථන වියදම් සීමා කිරීමට සැලසුම්කර ඇති බව වාර්තාවේ.

 

වාහන ආනයනය සීමා කිරීමත් සමඟ රට තුළ වාහන මිල ගණන් කැපී පෙනෙන ලෙස ඉහල ගොස් තිබේ.

views

823 Views

Comments

arrow-up