අධ්‍යාපන ලේකම්වරයා සියලුම ගුරුවරුන් සේවයට කැඳවයි - ස්ටාලින් යන්න එපා කියයි
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

අධ්‍යාපන ලේකම්වරයා සියලුම ගුරුවරුන් සේවයට කැඳවයි - ස්ටාලින් යන්න එපා කියයි

අධ්‍යාපන ලේකම්වරයා සියලුම ගුරුවරුන් සේවයට කැඳවයි - ස්ටාලින් යන්න එපා කියයි

හෙට සිට රාජ්‍ය සේවය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමේ චක්‍රලේඛනය දිවයිනේ සියලුම ගුරුවරුන්ද අනුගමනය කළ යුතු බව අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් කපිල පෙරේරා මහතා නිවේදනයක් මගින් දැනුම් දී තිබේ.

 

ඒ අනුව සියලුම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු, කලාප හා කොට්ඨාස අධ්‍යයන කාර්යාලවල නිලධාරීන් සහ කාර්ය මණ්ඩලය ද  සියලුම පාසල් වල අධ්‍යයන සහ අනධ්‍යන කාර්ය මණ්ඩල ද සදුදා සිට සේවය ආරම්භ කළ යුතුයි.

 

මීට ප්‍රතිචාර වශයෙන් ජෝසප් ස්ටාලින්, මහින්ද ජයසිංහ ඇතුළු වෘත්තීය සමිති නායකයින් ලිපියක් මගින් දැනුම් දී ඇත්තේ තමන් වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරත වන බැවින් හෙට දිනයේ සේවයට වාර්තා කිරීමෙන් වැළකී සිටින බවයි.

 

මීට අමතරව ඔවුන් සියලුම මාර්ගගත ඉගැන්වීම්වලින් සහ සාමාන්‍ය පෙළ විභාගයෙ විභාගයේ ප්‍රායෝගික පරීක්ෂණ පැවැත්වීම, උසස් පෙළ විභාග අයදුම් පත් ඉදිරිපත් කිරීම, විභාග කටයුතු සඳහා සහභාගි වීම ඇතුළු කටයුතුවලින්ද ඉවත් වන බව දන්වා තිබෙනවා.


අධ්‍යාපන ලේකම්වරයා විසින් නිකුත් කළ ලිපිය.

 


වෘත්තීය සමිති නායකයින් විසින් නිකුත් කළ ලිපිය

 

 

views

3544 Views

Comments

arrow-up