ටික් ටොක් අතහැර මංගල අලුත් වැඩකට බසී
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
26

ටික් ටොක් අතහැර මංගල අලුත් වැඩකට බසී

ටික් ටොක් අතහැර මංගල අලුත් වැඩකට බසී

ප්‍රතිපත්ති මත පදනම් වූ විකල්පයක් මේ වන විට  රටට අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් තමන් තරුණ සංවිධාන සමඟ නව බලවේගයක් ආරම්භ කරන බවත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීම මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.

 

එතුමා වැඩිදුරටත් කියා සි⁣ටියේ "සැබෑ දේශප්‍රේමීන්" නමින් නව බලවේගයක් ආරම්භ කරමින් තමා දැවැන්ත ගමනක් අරඹනබවත්ය.

 

''රාජ්‍ය නායකයින් ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීමේදී හැමදාම විපක්ෂය විරුද්ධ වුණා. මේ සියලු දෙනා අද තත්ත්වයට වගකිව යුතුයි. රාජපක්ෂ විරෝධය මත විතරක් සන්ධාන හදලා වැඩක් නැහැ. ඒවා එතනින්ම හබස් වෙනවා. රාජපක්ෂ විරෝධය මත අපි 2015 දී අපි සන්ධාන ගතවුණා. බලය ගන්න පුළුවන් වුණාට පවත්වගෙන යන්න බැහැ, ජාතික ප්‍රතිපත්තියක් නැතිනම්.ප්‍රතිපත්ති මත සැලසුම් වුණ විකල්පයක් අවශ්‍යයි. මෙය දේශපාලන පක්ෂයක් වෙන්නේ නැහැ. දේශපාලන පක්ෂ නොවෙයි රටට අවශ්‍ය. මතවාදීව එකඟවෙන කණ්ඩායම්. මංගල පාරවල් කපන කාලේ ඉවරයි" යනුවෙන් එතුමා පැවසීය.

views

1023 Views

Comments

arrow-up