15 හැවිරිදි බාලවයස්කාරිය දිනකට එක බැගින් තරුණයින් ගෙන්වාගෙන නානකාමරයේ අනග රැගුම් පාලා - තරුණයින් අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
19

15 හැවිරිදි බාලවයස්කාරිය දිනකට එක බැගින් තරුණයින් ගෙන්වාගෙන නානකාමරයේ අනග රැගුම් පාලා - තරුණයින් අත්අඩංගුවට

15 හැවිරිදි බාලවයස්කාරිය දිනකට එක බැගින් තරුණයින් ගෙන්වාගෙන නානකාමරයේ අනග රැගුම් පාලා - තරුණයින් අත්අඩංගුවට

තම පියාගේ ජංගම දුරකථනයේ මූහුණු පොත හරහා තරුණයින් සමඟ සබඳතා ගොඩනගා ගනිමින් රාත‍්‍රී කාලයේ දවසට එක් අයෙකු බැගින් නිවසට ගෙන්වාගෙන තරුණයන් සමඟ ලිංගිකව හැසිරුණු අවුරුදු 15ක පාසල් සිසුවියකගේ ප‍්‍රකාශයක් මත මාරවිල පොලිසිය අත්අඩංගුවට ගැනුණු 19 හැවිරිදි තරුණයන් දෙදෙනකු අගෝස්තු 02 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මාරවිල දිසා විනිසුරු හා මහෙස්ත‍්‍රාත් රඛිත පී. අබේරත්න මහතා ඉකුත් 15 වැනිදා නියෝග කළේය.

 


සිසුවියගේ නැන්දා කෙනකු විසින් සිදුකළ පැමිණිල්ලකට අනුව මාරවිල පොලිසියට විසින් අත්අඩංගුවට ගත් සිසුවියගේ ප‍්‍රකාශ හේතුවෙන් අත්අඩංගුවට ගැනීමට වූයේ තරුණයන් දෙදෙනකු පමණක් වුවත් තරුණයන් හත් අට දෙනකු සමඟ සිසුවිය රාත‍්‍රී 10ත් 12ත් අතර කාලයේ නිවසේ නාන කාමරයේ ලිංගිකව හැසිරී ඇති බවට තොරතුරු ලැබී ඇති බව පොලිසිය කියයි.

 

මුහුණු පොත ඔස්සේ පියාගේ ජංගම දුරකථනයෙන් තමා ගැන විස්තර පළකර තරුණයන් හා දුරකථන පණිවිඩ අනුව සම්බන්ධ වී ඔවුන් ගෙන්වා ගෙන ඇත්තේ සිසුවිය නැන්දාගේ නිවසේ රැඳී සිටින අවස්ථාවේදීය.

 

මාරවිල ප‍්‍රසිද්ධ පාසලක ඉගෙනුම ලබන මෙම සිසුවිය වෛද්‍ය පරීක්ෂණ සඳහා මේ වන විට මාරවිල මූලික රෝහලට ඇතුළත්කොට ඇත.

 

සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලිස් පරික්‍ෂණ පරීක්ෂණ ක්‍රියාත්මකයි.

views

67863 Views

Comments

arrow-up