කොරෝනා බියක් නිසා පාර්ලිමේන්තු කුස්සිය වැසේ

පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයකුට කොවිඩ් - 19 ආසාදනය වී ඇති බව තහවුරු වීම නිසා එහි සියලුම සේවකයන් PCR පරීක්ෂණවලට යොමු කර ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.
මේ තත්ත්වය මත පාර්ලිමේන්තු මුළුතැන්ගෙය තාවකාලිකව වසා ඇත.
කෙසේ වුවත් මුලුතැන්ගෙය හෙට දින නැවතත් විවෘත කිරීමට නියමිතව ඇති බව එම ආරංචි මාර්ග වැඩි දුරටත් සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ සහකාර මහලේකම් ටිකිරි ජයතිලක මහතා පැවසුවේ මේ තත්වය නිසා පසුගිය බ්‍රහස්පතින්දා සහ සිකුරාදා දිනවල මුළුතැන්ගෙයින් ආහාර සැපයීමද සිදු නොකෙරුණු බවයි.
පාර්ලිමේන්තු මුළුතැන්ගෙයි සේවකයන් පස් දෙනකුට පමණ පසුගිය දිනවල කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරුවූ බව පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.
මේ සම්බන්ධයෙන් වේත්‍රධාරී නරේන්ද්‍ර ප්‍රනාන්දු මහතා පැවසුවේ ආසාදිත සේවකයකු හමුවී ඇතිමුත් මේවනවිට කොරෝනා අවදානම් තත්වය පහව ගොස් ඇති බවයි.
734 Views
Comments