අද හෙට කොළඹ ඉන්න ඕන - ජනපති හා අගමැති ආණ්ඩුවේ මන්ත්‍රීවරුන්ට දන්වයි

බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගන්නා අද(19) සහ හෙට(20) ආණ්ඩු පක්ෂයේ සියලුම මන්ත්‍රීවරුන් කොළඹ රැඳී සිටිය යුතු බව ජනාධිපතිවරයා සහ අගමැතිවරයා දැනුම් දී ඇතැයි ආණ්ඩුවේ ආරංචි මාර්ග සඳහන් කරයි ඇත.
එම දින දෙකේ විවාදයට සහභාගිවී යෝජනාව පරාජය කිරීමට උපරිම දායකත්වය ලබා දිය යුතු බවටද වැඩිදුරටත් දැනුම් දී ඇත.
බලශක්ති ඇමති උදය ගම්මන්පිල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව පරාජයට පත් කිරීමට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රධාන ආණ්ඩුවේ හවුල්කාර පක්ෂ දැනටමත් තීරණය කර තිබේ.
746 Views
Comments