දින 07 ක් පුරා නිවසින් අතුරුදහන්ව සිටි සිසුවා කුරුණෑගලින් හමුවෙයි

දින හතක් පුරා නිවසින් අතුරුදන්ව සිටි රත්නපුර බටු වෙන ප්‍රදේශයේ දාහතර හැවිරිදි දරුවා මීට සුළු මොහොතකට පෙර දී කුරුණෑගල රිදීගම පොලිස් මාර්ග බාධකයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
මෙලෙස අත් අඩංගුවට ගෙන ඇත්තේ රත්නපුර බටුහේන ප්‍රදේශයේ පදිංචි නුවන්ත ලක්ෂාන් අබේරත්න නැමැති රත්නපුර ඇලෝසියස් විද්‍යාලයේ නව වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකුයි.
ඔහු පොලිස් සැරයන්වරයෙකුගේ පුත්‍රයකු බවද සඳහන්.
අදාළ සිසුවා ශ්‍රී පාද ප්‍රදේශයට ගොස් ඇති බවටයි පසුගියදා පොලිස් විමර්ශනවලදී අනාවරණය වුණේ. නිවසින් පිටව ගියේ අදාළ සිසුවා ශ්‍රී පාදයට ගොස් එහි මුරකරු සමග සිදු කළ සංවාදයක දී පැවසූ බව කියන කරුණු පදනම් කරගනිමින් පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කළා.
පසුගිය දිනක නල්ලතන්නිය ප්‍රදේශයෙන් ශ්‍රී පාදය දෙසට ගමන් කර ඇති අතර එය දුටු ශ්‍රීපාදේ මුරකරු සිසුවාගේ තොරතුරු විමසා තිබෙනවා. එහිදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ තමන් මහරගම ප්‍රදේශයේ මිතුරකු හමුවීමට යන බවයි.
නිවසින් බැහැරව යන විට රුපියල් 20,000 ක මුදලක් රැගෙන ගොස් තිබූ බවටයි ඔහුගේ දෙමව්පියන් පවසා සිටියේ.
26900 Views
Comments