අනුෂා දමයන්ති මාලබේ ගණිකා මධ්‍යස්ථානය ගැන කට අරී

ජනප්‍රිය රංගනශිල්පි අනූෂා දමයන්ති රහස් පොලිසිය හදිසියේම ගොස් කිව්වේ කුමක්දැයි මේ වනවිට හෙළි වෙමින් පවතිනවා.
ඉකුත් දා ඇය මෙලෙස රහස් පොලිසිය වෙත පැමිණ වෙබ් අඩවි කිහිපයට එරෙහිව පැමිණිලි කරලා තිබෙනවා.
එහිදී ඇය පවසා ඇත්තේ තමාට අයත් මාලබේ නිවසක් ගැන පවසමින් එහි ගණිකා මධ්‍යස්ථානයක් වැටලූ සිද්ධියක් අලලා තමාට මඩ ගැසූ බවය මේ කියන දින තමන් කතරගම පූජාවකට ගොස් සිටි බවත් ඇය පවසා සිට තිබෙනවා.
මෙම වෙබ් අඩවිය පවසා සිට ඇත්තේ මෙම ගණිකා නිවාසය වලාන දූෂණ මර්ධන ඒකකය විසින් වැටලූ බවයි.
එහිදී මෙහි හිමිකාරිනිය තමා බවත් එම වෙබ් අඩවිය පවසා සිට ඇති බවත් එහි බාලවයස්කාර දැරියන් තිදෙනෙක් මෙන්ම විදේශීය ගණිකාවන් හත් දෙනෙක් සිට ඇති බවද එම වෙබ් අඩවිය වාර්තා කොට සිටි බවද ඇය රහස් පොලිසියට ප්‍රකාශයක් ලබා දෙමින් පවසා සිට තිබෙනවා.
මේ වැටලීම යට ගහන්න තමා පොලිසිය භාර සරත් වීරසේකර ඇමතිවරයාට මෙම දුක්ගැනවිල්ල කියු බවත් පසුව ඇමතිවරයා වලාන පොලිසියට කන පැලෙන්න බැන්න බවද එම වෙබ් අඩවිය වාර්තා කොට තිබූ බවද ඇය පොලිස් ප්‍රකාශයෙහි පවසා සිට තිබෙනවා.
මෙලෙස තමාගේ චරිත ඝාතනය කළ කණ්ඩායමට හා වෙබ් අඩවි වලට නීතිය ක්‍රියාත්මක කරන ලෙසයි ඇය පැමිණිල්ලෙන් ඉල්ලා සිට ඇත්තේ. මේ සම්බන්ධයෙන් රහස් පොලිසියේ පරිඝණක අපරාධ අංශය විමර්ශන ආරම්භ කරලා තිබෙන්නේ
91136 Views
Comments