ඩෙවෝන් ඇලේලේ සැඟව ගිය සුරූපී තරුණිය

ඩෙවෝන් දිය ඇල්ලෙන් පහළට වැටී තරුණියක් ඊයේ (18) සවස 1 ට පමණ අතුරුදන්ව ඇතැයි දිඹුල- පතන පොලීසිය පවසයි.
මෙලෙස අනතුරට පත්ව ඇත්තෙ තලවකැලේ, ලිඳුල ප්‍රදේශයේ පදිංචි පවිත්‍රා නැමැති 19 හැවිරිදි තරුණියක බවද තරුණියන් හතර දෙනෙකු ඩෙවෝන් දිය ඇල්ල නැරඹීමට පැමිණ දිය ඇල්ලේ ඉහළ කොටසට ගොස් ඇති බවත් එහිදී එක් තරුණියක් ලිස්සා ගොස් දිය ඇල්ලෙන් පහළට ඇදවැටී ඇතැයි පොලීසිය සිදුකරන ලද මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
මීටර් 97ක උසකින් යුත් දිය ඇල්ලෙන් පහළට ඇද වැටීමෙන් අතුරුදන්ව ඇති තරුණිය සොයා ගැනීම සඳහා දිඹුල- පතන පොලීසිය විසින් යුද, ගුවන් හමුදා සහ පොලිස් විශේෂ කාර්ය බළකාය භට කණ්ඩායම් ද කැඳවා තිබේ.
12305 Views
Comments