කුමාරි ලා, කුමාර් ලා රවුෆ් ගේ රිෂාඩ් ගේ තැන්වල ගිනි තබා ගන්නේ ඇයි?

හිටපු අමාත්‍ය රිෂාඩ් බදියුදීන්ගේ නිවසේ බාලවයස්කාර මෙහෙකාරියක් සියදිවි නසා ගැනීම සම්බන්ධයෙන් කතිකාවක් සමාජය තුළ නිර්මාණය වී ඇති මොහොතක මීට වසර 17 කට ඉහතදී රවුෆ් හකීම්ගේ ව්‍යාපාරික ස්ථානය ඉදිරිපිටදී තරුණියක් ගිනි තබා ගැනීම සම්බන්ධයෙන් ද කතිකාවක් නිර්මාණය වී තිබෙනවා.
2004 වසරේදී රවුෆ් හකීම්ගේ ව්‍යාපාරික ස්ථානයක් ඉදිරිපිට කුමාරි පෙරේරා නම් තරුණියක් ගිනි තබා ගෙන තිබුණාය.
එවක මෙය සියදිවි හානි කර ගැනීමක් ලෙස සළකා පොලිස් විමර්ශන සිදු කළා 2021 වසරේ,එනම් මේ වසරේ රිෂාඩ්ගේ නිවසේ ගිනි ගෙන දැවුණු කුමාර් නැමැති දැරිවිය ගැන හදවත කම්පනය කරන පුවත් නිර්මාණය වූයේ ඇය කාලාන්තරයක සිට ලිංගික අතවරයකට ලක් වූ බව මරණ පරීක්ෂණයේදී හෙළි වී මතය සියදිවි හානි කර ගැනීමට ගිනි තබා ගන්නවා කියන්නේම ලෙහෙසි පහසු මානසික තත්ත්වයක් නොවේය.
මේ නිසා මෙම සිද්ධීන් දෙකම අද පසු විපරමට ලක් වෙමින් පවති රිෂාඩ්ගේ නිවසේ සේවයට සිටි තවත් තරුණියක් දූෂණයට ලක් වීම ගැනද මේ වන විට වෙනම විමර්ශනයක් ආරම්භ වී ඇති අතර රිෂාඩ්ලාගේ හකීම්ලාගේ නම ගැවෙන මෙම ගිනි තබා ගැනීම් වලට හේතුව තවමත් අභිරහසකි.
වර්තමාන රිෂාඩ්ගේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් කණ්ඩායම් කිහිපයක් විමර්ශන අරඹමින් මේ දැරියගේ අභිරහස් මරණයට හේතු සොයමින් සිටි.
කුමාරි පෙරේරා
1367 Views
Comments