උමාරියා සිංහවංශට ඇප
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
01

උමාරියා සිංහවංශට ඇප

උමාරියා සිංහවංශට ඇප

රාජගිරිය ගුවන් පාලම අසල නොසැලකිලිමත් ලෙස රිය ධාවනය කරමින් අනතුරක් සිදුකර පුද්ගලයෙකුට බරපතළ තුවාල සිදුකළැයි වැලිකඩ පොලිසිය විසින් අත්අඩංගුවට ගනුලැබූ ජනප්‍රිය ගායිකා උමාරියා සිංහවංශ මහත්මිය රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද(01) නියෝග කළේය.

 

එමෙන්ම සැකකාරියගේ රියදුරු බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට නියම කළ අධිකරණය එම බලපත්‍රය අධිකරණය භාරයට ගැනීමටද නියෝග කළේය.

 

අනතුරෙන් බරපතල තුවාල ලබා මේ වන විට කොළඹ ජාතික රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබන ත්‍රීරෝද රථ රියදුරුට රුපියල් 80,000ක සානුකම්පිත දීමනාවක් ගෙවීමටද විත්තිකාර පාර්ශවය අධිකරණයේදී එකඟත්වය පළ කරන ලදී.

 

උමාරියා සිංහවංශ පැදවූ මෝටර් රථය තවත් ත්‍රීරෝද රථයක ඊයේ(31) පස්වරු පහයි තිහට පමණ ගැටීමෙන් මෙම අනතුර සිදුවී ඇති අතර අනතුරක් වලක්වා නොගැනීම, අපරික්ෂාකාරී රිය ධාවනය සහ ඒ මගින් අනතුරක් සිදු කිරීම සැකකාරියට එරෙහිව එල්ලවූ චෝදනායි.

 

මෙම අනතුරෙන් තුවාල ලැබූ 38 හැවිරිදි ත්‍රීරෝද රථයේ රියදුරු මේ වන විට ඉතා බරපතළ තත්ත්වයේ පසුවන බවද වැලිකඩ පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

 

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය තුවාලකරුට සානුකම්පිත දීමනාව ලබා දෙන ලෙසට  නියෝග කරමින් ඇයව ඇප මත මුදාහැරීමට නියෝග කරනලදී.

views

1036 Views

Comments

arrow-up