අනවසර ඉඩම් අත්පත් කරගැනීම වැළැක්වීමට ගිය මහවැලි නිලධාරියාට පහරදීමක්
විදේශගත ඔබට
Latest_News
calendar
JUL
25

අනවසර ඉඩම් අත්පත් කරගැනීම වැළැක්වීමට ගිය මහවැලි නිලධාරියාට පහරදීමක්

අනවසර ඉඩම් අත්පත් කරගැනීම වැළැක්වීමට ගිය මහවැලි නිලධාරියාට පහරදීමක්

අනවසර ඉඩම් අත්පත් කරගැනීමක් වැළැක්වීමට ගිය මහවැලි අධිකාරියේ නිලධාරියෙකු කිසියම් පිරිසකගේ පහර කෑමකට ලක්ව තිබේ.

 

කැකිරාව - ඇළගමුව ඩී තුන ප්‍රදේශයේ අනවසරයෙන් ඉඩම් අත්පත්කර ගැනීමක් සම්බන්ධව සොයා බැලීමට යාමේදී මෙම පහරදීම සිදුවී ඇත.

 

මඩාටුගම කොට්ඨාස කාර්යාලයට අනුයුක්තව සේවය කරන මහවැලි අධිකාරියේ කළමනාකාරවරයෙක් මෙලෙස පහරකෑමට ලක්ව මේ වනවිට කැකිරාව දිසා රෝහලේ ප්‍රතිකාර ලබයි.

 

 පහරදීම සම්බන්ධව කිසිවෙකු මෙතෙක් අත්අඩංගුවට ගෙන නොමැත.

views

903 Views

Comments

arrow-up