නැවත වරක් කොළඹ දිස්ත්‍රික්කය කොරෝනා රතු කලාපයක් වෙයි!

ගත වූ පැය 24 තුළ වාර්තා වූ සමස්ත කොරෝනා ආසාදිතයින්ගෙන් බහුතරයක් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් බව කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා.
ඒ අනුව පෙරේදා (24) පෙරවරු 6 සිට අද (25) පෙරවරු 6 දක්වා වූ කාලසීමාව තුළ පමණක් නව කොරෝනා ආසාදිතයින් 1737 ක් වාර්තා වී ඇති අතර ඉන් ආසාදිතයින් 330 දෙනෙකුම වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වීම විශේෂත්වයක්
කලකට පසුව එක් දිනකදී කොරෝනා ආසාදිතයින් කොළඹින් 300 ඉක්මවීමද විශේෂ වන අතර මේ නිසා නැවත් කොළඹ අවධානම් මට්ටමේ පවතින බවයි සෞඛ්‍ය අංශ කියා සිටින්නේ
මෙලෙස වාර්තා වූ කොරෝනා ආසාදිතයින් අතර දෙවන වැඩිම දිස්ත්‍රික්කය වනූයේ ගම්පහය.ඉන් නව ආසාදිතයින් 236 දෙනෙකු වාර්තා වී තිබේ.
තෙවනුවට වැඩිම කොරෝනා ආසාදිතයින් වාර්තා වී ඇත්තේ කළුතර දිස්ත්‍රික්කයෙනි.එහි අඟය වනුයේ ආසාදිතයින් 156 කි.
අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලද නව කොරෝනා ආසාදිතයින් 100 ඉක්මවා වාර්තා වී ඇතැයි කොරෝනා ව්‍යාප්තිය වැලැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය කියාසිටිනවා.
958 Views
Comments