මිලියන 32ක ගංජා උතුරු මුහුදේ

යාපනයත් තොන්ඩමනාරු සිට මාමුනේ දක්වා මුහුදු තීරයේදී රුපියල් මිලියන 32 කට අධික වටිනාකමකින් යුත් නීති විරෝධී කේරල ගංජා තොගයක් සමග සැකකරුවන් දෙදෙනෙකු නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුව ගත් මත්ද්‍රව්‍ය තොගයේ බර කිලෝග්රෑම් 109යි ග්‍රෑම් 150කි.
මෙම මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සඳහා යොදාගත් ඩිංගි යාත්‍රාවක්ද නාවික හමුදාව විසින් සිය බාරයට ගෙන ඇත. අත්අඩංගුවට පත් මත්ද්‍රව්‍ය තොගයෙන් කොටසක් පමණක් එම යාත්‍රාවේ තිබී හමුවී ඇති අතර යාත්‍රාව පැවති මුහුදු තියෙන පරික්ෂා කිරීමේ දී ඉතිරි මත්ද්‍රව්‍ය තොගය සොයාගෙන තිබුණි.
අත්අඩංගුවට පත් සැකකරුවන් වයස අවුරුදු 26 සහ 28 හි පසුවන්නන් වන අතර ඔවුන් පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචිකරුවන් ය.
873 Views
Comments