තිස්පන් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට
විදේශගත ඔබට
Latest_News
calendar
AUG
08

තිස්පන් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

තිස්පන් ලක්ෂයක මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

රුපියල් ලක්ෂ 35 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු ග්‍රෑන්ඩ්පාස්
ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගෙන තිබේ.

 

කොළඹ අපරාධ කොට්ඨාශයේ බස්නාහිර පළාත් දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

 

මීගමුව ප්‍රදේශයේ පදිංචි අයෙකුගෙන් සැකකරු අයිස් මත්ද්‍රව්‍ය මිලදී ගෙන කොටස් වශයෙන් අලෙවි කර ඇති බවට හෙළි වී ඇති අතර 43 හැවිරිදි සැකකරු හෙට අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

views

803 Views

Comments

arrow-up